නොදුටු ස්ථාන සොයා යමින් ඒවා පිළිබඳ තොරතුරු සොයා බැලීමේ පුරුද්ද මිනිසාට ඇති වූයේ අද ඊයේ නොවේ. එයට ඇත්තේ මිනිසාගේ සම්භවයට තරම් ඉපැරණි අතීතයකි. ගවේෂණය වූ කලී මිනිසාගේ ජානවල තැන්පත් වූවකි. එබැවින් මේ පුරුද්ද අද ද මිනිසා තුළ දක්නට ලැබෙන්නකි. වර්තමාන සමාජය තුළ බොහෝ දෙනෙකු සංචාරයෙහි නොයෙදෙන්නේ ඊට ඇති අකැමැත්ත නිසා නොව ආර්ථික ගැටළු නිසාය. දේශීය වශයෙන් සංචාරයෙහි යෙදෙන්නට ද සෑහෙන මුදලක් වෙන් කළ යුතුය. නමුත් පවතින ආර්ථික ගැටළු ඉදිරියේ මෙය බොහෝ විට කළ නොහැක්කක් සේ පෙනේ. එහෙත් නොගොසින් නොසිටිය හැකි තැන් අප රටේ බොහෝ වෙයි. මියෙන්නට පෙර වරක් හෝ මේවා දැකබලා ගතයුතුය. ඒකාකාරී ජීවිතයෙන් මිදී මානසික ආතතිය අවම කරගැනීමට ද සංචාරය කිරීම මහඟු අත්වැලක් සපයයි. එසේ හෙයින් අපහසුවෙන් හෝ මුදල් සොයා මේවා බලන්නට අවස්ථාව සළසා ගතයුතුය. එසේ දැකබලා ස්ථාන පිළිබඳ සෙස්සන් දැනුවත් කිරීම තුළින් ඔවුන් තුළ ද සංචාරය කිරීමේ පුරුද්ද වගා කළ හැකිය. මේ සරල බ්ලොග් අඩවිය නිර්මාණ කළේ ඒ අරමුණිනි. අපගේ සංචාරක කණ්ඩායම සිරිලක සැරූ විවිධ ස්ථාන පිළිබඳ හැකිතාක් ඡායාරූප සහිතව මෙහි පළකරන්නේ ඔබගේ ද සංචාරක පිපාසාව තරමකට හෝ සංසිඳවීමේ අපේක්ෂාවෙනි. මේ ව්‍යායාමය පිළිබඳ ඔබගේ නොමසුරු අදහස් ද ලැබෙන්නට සළස්වන්නේ නම් අය අපව තවත් ධෛර්යවත් කරන්නකි. ඔබට ද සිරිලක පමණක් නොව මේ නිම්වළල්ලෙන් ඔබ්බට ද සංචාරයේ කරන්නට හැකිවේවා යන්න අපගේ පැතුමයි.
කුරහන්ගල දළදා මැදුරක් වූ සීතාවක පුර පින් බිම – දෙල්ගමුව රජමහා විහාරය
අද ජීවමාන බුදුරජාණන් වහන්සේ නැතත් අපි ශ්‍රී දළදාව ජීවමාන
බුදුන් වහන්සේ හැටියට සලකමු. ජීවමාන බුදු හිමියන්ට කරන පුද පූජා සත්කාර
එලෙසම කරමු. බෞද්ධාගමික උරුමයත්, රාජ්‍යත්වයේ උරුමයත් දළදා වහන්සේගෙන්
තීරණය කරන්නට අතීතයේ පටන් අපේ රටේ මිනිස්සු උත්සාහ ගත්හ. එනිසාම දළදා
වහන්සේ තමන්ගේ භාරකාරත්වයේ තබා ගන්නට ආරක්‍ෂාව සලසන්නට ලක්දිව පහළ වූ සියලූ
රජවරු දිවි හිමියෙන් උනන්දු වූහ.
ශ්‍රී දළදාව රාජ්‍යත්වයෙන් බැහැර වීම රජකම නැති වීමට තරම්ම හේතුවක් විය.
එනිසා කලින් කල පැමිණි විදෙස් ආක‍්‍රමණිකයෝ පවා රජු ඉලක්ක කරනු වෙනුවට
දළදා වහන්සේම ඉලක්ක කර එය පැහැර ගන්නට, හානි කරන්නට උත්සාහ ගත්හ. ඔවුහු
එමගින් උත්සාහ කළේ රටේ පාලන බලය අස්ථාවර කිරීමය. එවැනි යුගයක ශ්‍රී දළදා
කුරහන් ගලක සඟවා තබා වසර 43ක් ආරක්‍ෂා කරගත් ඓතිහාසික දෙල්ගමුව රජමහා
විහාරයේ සිට අපි අද ඔබ මුණ ගැසෙමු.
කොළඹxරත්නපුර පාරේ කුරුවිට නගරයේ සිට කි.මී. එකක් පමණ දුරින් මේ පෞරාණික
විහාරය පිහිටා තිබේ. මෙහි විහාර ඉතිහාසය කෝට්ටේ යුගයෙන් එපිටට දිවේ. ඊට
හේතුව දෙල්ගමුව රජමහා විහාරය කෝට්ටේ යුගයේ ද ඉතා දියුණු තත්ත්වයක පැවතීමයි.
කෙසේ නමුත් සීතාවක යුගයේ පටන් පැහැදිලි ලිඛිත ඉතිහාසයක් මේ විහාරය සතුය.
එකල ලියැවී ඇතැයි සැලකෙන රාජාවලියේත්, සුළු රාජාවලියේත්, දෙල්ගමුව රජමහා
විහාරය ”සපරගමු විහාරය” හැටියට ද මහාවංශයේ ”ලබුජගාම විහාරය” හැටියට ද සඳහන්
කර තිබේ.
කුරු නම් ඇත් විශේෂය සිටි වෙල්යාය යන නමින් කුරුවිට නම්වූ රමණීය නගරයේ
රාජ රාජ මහා මාත්‍යාදීන්ගේ නොමද අනුග‍්‍රාහකත්වයට පත් දෙල්ගමුව රාජ මහා
විහාරයේ දී අපේ මතකයට නැගෙන්නේ ශ්‍රී දළදාවේ ආරක්‍ෂක පින් බිමක්ය යන
හැඟීමයි.
කුරුණෑගලින් ශ්‍රී දළදාව කෝට්ටේ රාජධානිය වෙත වැඩම කරවන ලද්දේ පස් වැනි
බුවනොකබාහු රජ විසිනි. ඔහු කෝට්ටේ දළදා මාළිගයක් ද කරවීය. මෙසේ කෝට්ටේ
රාජධානියේ පූජා සත්කාර මධ්‍යයේ ආරක්‍ෂකාරීව පැවති දළදා වහන්සේ පෘතුගීසීන්ගේ
පැමිණීමත් සමග කෝට්ටේ රාජධානියේම තැනින් තැන සඟවා තබා ආරක්‍ෂා කරන්නට සිදු
විය.
වර්ෂ 1509 දී කෝ්ට්ටේ රාජධානියේ රජවූ හත් වැනි විජයබාහු රජු සතුරන්
විසින් මරා දමනු ලැබීමෙන් පසු කෝට්ටේ රාජධානිය බෙදා ගෙන පාලනය කළේ ඔහුගේ
පුත්තු තිදෙනාය. මින් හත් වැනි බුවනෙකබාහු කෝට්ටේත්්, මායාදුන්නේ සීතාවකත්,
රයිගම්බණ්ඩාර පස්වලල්ලාවිට කෝරළයේත් රජවී පාලනය ගෙන ගියහ. එදා උඩ රට රජ
කළේ ජයවීර නම් අධිපතියෙකි.
ඉන් වැඩි කලක් නොගොසින්ම කෝට්ටේ රජ කළ හත් වැනි බුවනෙකබාහු රජු ද මරණයට
පත් විය. ඔහුට පුතුන් නොසිටි නිසා ඔහුගේ දියණියන්ගේ පුත් ධර්මපාල කුමරු
පෘතුගීසීන්ගේ ආරක්‍ෂාව යටතේ කෝට්ටේ රජකම බාර ගත්තේය. ඔහු කොයි තරම් දුරට
පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත්වී ද යත් ධර්මපාල කිතුනු දහම වැළැඳ ගනිමින්
”දොන් ජුවන්” නමින් පෘතුගීසි නාමය ද තම නමට යොදාගෙන එතෙක් පැවැති සියලූ
සිංහල බෞද්ධ ප‍්‍රතිපත්ති බිඳ දමා කටයුතු කරන්නට පටන් ගත්තේය.
මේ සිදු වීම කෝට්ටේ රජුගේ ආරක්‍ෂාවෙන් පැවැති දළදා වහන්සේට ද අනතුරුදායක
කාලයක් බව එදා සිටි මහ තෙරවරු, දියවඩන නිළමේ තුමා ද තීරණය කළහ. එදා ශ්‍රී
දළදාවේ දියවඩන නිළමේ ධුරය දැරුවේ දන්ත කුමාර පෙළපතින් පැවත ආ කීරවැල්ලේ
හිරිපිටියේ දියවඩන නිළමේතුමාය. දිනක් ඔහු රාත‍්‍රියේ නිදි සිටිය දී
සිහිනයක් දුටුවේය. එක් මහලූ පුද්ගලයකු පැමිණ,
”කෝට්ටේ කළාලේ කිසිල්ලේ x දත මැද ගන්න රාළේ” යනුවෙන් පැවසීමය. මෙහි අදහස
තේරුම් ගත් නිළමේතුමා තව දුරටත් දළදා වහන්සේ කෝට්ටේ රාජධානියේ තැබීම
අනතුරුදායක බව සිතා ශ්‍රී දළදාව රැුගෙන රහසේම දියවන්නා ඔයෙන් එතෙරව සීතවක
රාජධානියට පැමිණ සීතාවක රජකම් කළ මායාදුන්නේ රජුට භාර දුන්නේය.
මායාදුන්නේ රජු ද දළදා වහන්සේ නිරායාසයෙන්ම තමන්ට ලැබීම ගැන ඉමහත් සතුටට
පත් වූයේය. එදා දෙල්ගමුව රජමහා විහාරයේ වැඩසිටි ”ෂඞ් භාෂා පරමේෂ්වර
මහින්දාලංකාර” හිමියන් මායාදුන්න රජු සමීපව ඇසුරු කළ මහ තෙරනමක් වූහ. එනිසා
හිරිපිටියේ නිළමේතුමාගේ ද ඉල්ලීම මත, මායාදුන්න රජු දළදා වහන්සේ දෙල්ගමුව
විහාරයේ ආරක්‍ෂා සහිතව සියලූ පුද පූජා කරමින් ආරක්‍ෂා කළේය.
දළදා වහන්සේ සතුරන්ගෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා දෙල්ගමුව විහාරයේ බුද්ධ
ප‍්‍රතිමා වහන්සේ පිටුපස යෝධ කුරහන් ගලක් ඇතුළේ දළදාව සඟවා තබන්නට සිදු
විය. මහ මැදුරු මාළිගා නැතත් ඒ වැනිම වූ ආරක්‍ෂාවක්, සිරියක්, කාලයේ හැටියට
මේ කුරහන් ගලින් ද දළදා වහන්සේට නොඅඩුව ලැබුණි. එකල කුරහන් ගල ගැමි ගෙවලවල
පමණක් නොව පන්සල්වල ද සුලබව දැකිය හැක්කක් විය. එනිසාම මෙය කාගේත් ඒ හැටි
විශේෂත්වයකට ද කරුණක් නොවීය. මෙකල දළදා වහන්සේ මෙසේ දෙල්ගමුවේ ආරක්‍ෂාව
සහිතව පවතින අතරතුර පෘතුගීසීන් දළදාව ඉලක්ක කර කටයුතු කිරීම නිසා කෘත‍්‍රිම
දළදාවන් දෙකක් තිබී ඇත. ඒවායින් එකක් පෘතුගීසීන් කෝට්ටේ දී ගිනි තබා විනාශ
කර ඇති බවත් කියැවේ.
එදා දෙල්ගමුව විහාරාධිපති හිමියන් දළදාවට කුරු ගෙඟන් හමුවූ නිල් මැණිකක කොපුවක් සාදා ඒ තුළ දළදාව තැන්පත් කළ බව කියැවේ.
තත්ත්වය මෙසේ පවතින අතරතුර මායාදුන්නේ රජු මරා ඔහුගේ පුතු ටිකිරි කුමරු
සීතාවක රාජසිංහ නමින් සීතාවක රාජධානියේ රජකමට පත් විය. දහමට ලැදිව සිටි
පියා රජු මැරීම නිසා මහා සංඝයා වහන්සේ ඇතුළු බොහෝ පිරිස් රජුට අප‍්‍රසාදය
පළ කළහ. මේ අසා සිටින්නට බැරි තැන රජු හැටකට අධික භික්‍ෂූන් වහන්සේලා
කණමැදිරියන් වළේ ගිල්වා මරා දැමීය.
මෙයින් බොහෝ ශාසන බාරධාරී මහ තෙරවරු සීතාවක රාජධානියෙන් විවිධ
ප‍්‍රදේශවලට පිටත්ව ගියහ. රජු මෙවැනි ක‍්‍රියා කලාපයක නිතර වුවත් කිසි
කලෙකත් දළදා වහන්සේට කළ යුතු පූජා සත්කාරවල අඩුවක් නොවීය. සියලූ පුද පූජා
පැවති ආකාරයටම හිරිපිටියේ නිළමේගේ අනුදැනුමැතිව කරගෙන ගියේය.
මේ අතරතුර දොන් ජුවන් පළ වන රාජසිංහ රජු සමග සටන් කොට පසුව පෘතුගීසි බලය
ද මැඩ උඩරට ද ජයගෙන ක‍්‍රිස්තියානි නම, ක‍්‍රිස්තියානි ආගම වෙනස් කොට
බෞද්ධයකු බවට පත්ව පළමු වන විමලධර්මසූරිය නමින් උඩරට රාජ්‍යත්වයට පත් විය.
ඔහු ශ‍්‍රද්ධාවත් බෞද්ධ පාලකයකු බව දැනගත් දෙල්ගමුව රජමහා විහාරාධිපති
මහින්දාලංකාර හිමියෝ පසුව ශ්‍රී දළදා එම රජුට බාර කළහ. රජු දළදාව මහත්
ඉහළින් පිළිගෙන මැණික් කොපුවක තිබූ දළදාව තවත් රන් කොපුවක බහා ඊටත් උඩින්
තවත් ඇත් දළ කොපුවක බහා මහනුවර දළදා මාලිගයක් කරවා එහි තැන්පත් කරවීය.
මෙසේ දළදා වහන්සේ මහනුවර රාජධානියට වැඩම කරවන තුරුම දළදා වහන්සේ වසර
43ක්ම මේ දෙල්ගමුව රජමහා වෙහෙරෙහි වැඩ සිටියහ. අදත් සුරක්‍ෂිතව එදා පැවැති
මේ දළදා මැදුර එසේම දැකිය හැක්කේය.
එදා විහාරයට ගොඩ වෙන්නට තිබූ ගල් පඩි පෙළ යැයි සිිතිය හැකි ගල් පඩි පෙළ
ද, වසර 800ක් පමණ පැරණි ආනුභාවසම්පන්න බෝධීන් වහන්සේ ද මේ ශ්‍රී දළදාවේ
සියලූ තොරතුරු දරාගෙන ඉතිහාසය කියාපාමින් නිහඬව දැකිය හැකිය. පැරණි ආසන ඝර
ඇතුළු තවත් නටබුන් රාශියක් දෙල්ගමුව රජමහා වෙහෙරෙහි තැනින් තැන දක්නා ලැබේ.
මේ ඉපැරණි විහාරය පිළිබඳව තොරතුරු සිංහල සංදේශාවලියේ අවසාන වැදගත්
සංදේශය වන සැවුල් සන්දේශයේ ද දක්නා ලැබේ. ලංකා රාජ්‍යයත්, බුදු සසුනත් රැුක
දෙන ලෙස ශ්‍රී සුමන සමන් දෙවියන්ගෙන් ඉල්ලා සැවුලකු අත සීතාවක සිට රත්නපුර
මහ සමන් දේවාලයට යන මේ සංදේශයේ දෙල්ගමුව විහාරය පිළිබඳව ද ලියා තිබේ. මෙහි
කතුවරයා අගලියවන්න මුකවෙටිතුමාය. එහි තැනෙක මෙසේ සඳහන් වෙයි:
”උදුලිය සඳකිරණ මිහිපිට හුණු ලෙසට
සුදු වැලි අතුල වැලි මළුවෙහි සැදිසුමට
රුදුනත දරණ යුරු පවුරෙනි යුතු සුමට
වදුම මිතුරු දෙල්ගමුව වෙහෙර ලැගුමට”
කෝට්ටේ යුගයෙන් පසු කාලයාගේ ඇවෑමෙන් වනගත වූ මේ පෙදෙසට වැඩම කළ කොළඹ
සද්ධාතිස්ස හිමියෝ මේ විහාරයේ පැරණි ශ්‍රී විභූතිය ඇතිව යළි ගොඩ නගන්්නට
උනන්දු වූහ. අද වන විට දෙල්ගමුව රජමහා විහාරාධිපතිව වැඩ සිටින්නේ
ශාස්ත‍්‍රපති මාහල්ලේ විපුලතිස්ස නාහිමියන්ය. මේ ලිපිය සකස් කිරීමේ දී
උන්වහන්සේ සහ පොඩි හාමුදුරුවන් දැක්වූ සහායට අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.
දළදා මැදුර
Categories
- A church in Lisbon and the Black Prince of Lanka
- a historic theater of old battles and new confrontations
- A PROBLEM OF HISTORY
- ‘Rajavaliya’ & ‘Mahawansa’ don’t back for
- ”යකඩෙට මඩ බොර. රිදියට
- අතුරුදන් වූ නටරාජා පිළිමය හා කිණිස්ස
- අප පැවැතෙන්නේ විජයගෙන් නොවේ
- ඇතකු මෙල්ල කළ ටිකිරි
- ඇඹිලිපිටියේ පුරාවිද්‍යා කැණීමක දී වසර 3300 ක ප්‍රභූ නිවසක් හමුවේ
- ඌවේ සැඟවුණු ඉතිහාසය
- කඩවර දෙවියන්ගෙන් කම්බිලි යකාට දඬුවමක්
- කළු කුමාරයා
- කිලිනොච්චිය සහ මැදවච්චිය අලිමංකඩ සහ පාමංකඩ
- ගල්ලෙන් හතක් වෙත දුෂ්කර ගමනක්
- ගැමි නුවණින් ගම බේරෙයි
- ගැමුණු කුමරු සැඟවී සිටියේ කොත්මලේ කොහිද?
- ගැමුණු කුමරුගේ මිතුරකු වූ මිහින්තලේ පූජා බඩු කඩේ දෙමළ මුදලාලි
- ගැමුණු නිරිඳුන්ගේ යකඩදෝලියක ගැන කියන කොස්සෝකන්ද
- ගෝඨයිම්බර වම් පා සුළැඟිල්ලෙන් ජයසේනට පහර දෙයි!
- තිස්ස කාවන්තිස්සවුණේ මෙහෙමයි
- දම්බරාව ගමට නම ලැබුණු සැටි
- දේව පුරාණය
- දොඩම්පෙ ගණිතයා ගස් බෙනයක සැඟවෙයි
- නරේන්ද්‍රසිංහ රජුට එරෙහි වූ පට්ටිය බණ්ඩාරගේ ඉරණම
- පරංගි හටන
- පාහියන්ගලට කෞතුකාගාරයක් අවශ්‍යයයි
- පැරණි සිංහල විවාහ සංස්කෘතිය
- පැරණි සිංහල සමාජයේ අක්ෂර ඥානය සහ ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනය
- පුරාවස්තුන්ට ඔබ්බෙන
- පුරාවිද්‍යා ස්මාරක මකර කටේ බලධාරීන් මර නින්දේ
- ඵුස්සදේව යෝධයා ඉදිකළ සන්ඛපාල විහාරය
- බෞද්ධ හින්දු සබඳතාව ත්‍රස්තවාදය නිසා බිඳී ගියා
- මහාචාර්යවරයාගේ කේජු ලිපියෙන් ලංකා ඉතිහාසයේ වෙනසක්
- මිදෙල්ලව කෝරාළ
- මුතුකුඩේ බිසව මරා දමන්නට අන්ත:පුර බිසෝවරුන් කළ කුමන්ත්‍රණය
- යුද ජයග්‍රහණයේ අවසන් සාධකය
- රට අත්තා
- රාජ කපුරු සෙට්ටියා
- රාජසිංහ රජු රණශූරයන් සොයා යයි
- රාවනා සහ වීරකාව්‍ය ඉතිහාසය
- රුවන්වැල්ල කබුළුමුල්ල ශ්‍රී පත්තිනි දේවාලය
- ලන්දේසි මඩකළපුවට ආවේ කෙසේද?
- වවුනියාවේ පුරාවත
- විජිතපුර සටනට මොහොත දැන් එළැඹී ඇත
- සපුමල් කුමරා සොයා අලිමංකඩ මතින් පියාසර කළ කෝකිලයා
- සමනළ කඳු මුදුනේ ගම් නියම් ගම්
- සමන් දෙවිඳු හා සමන් දෙවොල
- සැඟව සිටි සීගිරි ළඳුන් යළි දැකුමට වරම්
- සිංහ කොඩියේ කතාව
- සීගිරි ගී ලියූ කිවිඳියෝ
- සීගිරි චිත්රවලින
- සොබා දහමේ අසිරිය විඳින්න වළවේ ගඟේ රවුමක් යන්න
- සෝමාවති රක්ෂිතයේ හුදෙකලා වූ අපේ උරුමය
- හිටි බණ්ඩාර දෙවියෝ
- හෙළ සාහිත්‍යයේ ස්වර්ණමය යුගය හා කෝට්ටේ සවැනි පරාක්‍රමබාහු රජතුමා
- Battles on the banks of the Kalu ganga
- Beruwela — a multi-faceted historic city
- Blow by blow
- Celebrating the arrival of the Portuguese?
- Cinnamon Export – Sri Lanka
- Commemorating Portuguese Rule
- Corea: mystery of Chilaw
- Disappearing act of a museum artefact
- Galagoda Adikaram – Chief Minister of King Keerthi Sri Rajasinghe
- Ganegama Rajamaha Viharaya
- Goa Inquisition
- Historian deSouza on the Goa Inquisition
- Historic caves discovered at excavations for housing
- Historical links between the South and the North-East
- Historical places in the North Central Province lack to
- History of Padduka
- History of Thoppigala
- How the Portuguese Captain of Mannikadawa was Punished by the Gods – Kahabiliyawala
- Hundred days of terror under British
- If Dona Catherina was not an empress – who was she?
- Indo-Portuguese of Ceylon: A Contact Language
- Kalutara
- Kalutara through the eyes of the Dutch
- Kataragama Shrine and Its Staff (= Theva Madulla)
- LTTE Terrorist destroyed ancient Sinhala Buddhist archaeological sites in Mullaittivu & Kilinochchi
- Memoirs of a game ranger
- One dream – one world: Olympic free of terror threat
- Open letter by a staunch Catholic to Cardinal Gomis and fellow Christians
- Painters in the sky
- Peace: Fact myths and history repeating
- Pooneryn’s past
- Portuguese cannon recovered from Davy Jones locker
- Portuguese forced conversions?
- Portuguese invasion
- Portuguese ruined Jaffna: Historian
- Preserving the past Colombo Museum Library
- Rambuttan Nature's wonder
- Re-introducing History in school curriculum
- Recreating a historic picture
- Religious conversion and ending Tamils’ Sovereignty
- Repression of Buddhism in Sri Lanka by Portuguese
- Reviving respect for historical heroes
- Saving Galle Fort and Ignoring Vijitapura
- Search for Sri Lanka’s ancient ports and harbours
- Sermon to demons atop historic rock
- Sri Lanka Portuguese Creole Verses
- Sri Lanka Portuguese Creoles
- Sri Lanka's Colonial Past: A committee appointed to look into Portuguese era
- Sri Lankan Spice Trade
- Swords and fire power add to new-look museum
- That anti-Portuguese feeling in Lanka
- The arrival of the Portuguese
- The Historical background of the Kalutara Bodhin Wahanse
- The Kalpitiya-Mannar coast
- The Karava – the blue-blooded Kshatriyas
- The Madhu Shrine
- The pair of tusks of great elephant Kandula
- The Portuguese advent in Sri Lanka – 500 years in retro
- The Portuguese Cultural Imprint on Sri Lanka
- The Portuguese in Sri Lanka and Eurocentric Myths
- THE PORTUGUESE LANGUAGE HERITAGE IN ASIA
- The Portuguese legacy in SriLanka
- The record of the Portuguese in Sri Lanka cannot be san
- The Sadismof Azevedo
- The terrible atrocities committed by the Portuguese
- The Terrible Tribunal of the East
- The tsunami that devastated Sri Lanka in December has h
- The when and why of the Portuguese arrival
- Uncategorized
- Under the Portuguese Rule
- Ven. Medhananda thero tells Thoppigala area was the bir
- When Pigs Fly–and Scold: Brits Lecturing Sri Lanka!
- Where have all the Burghers gone?
- Why oppose commemoration of Portuguese arrival?
- Wreck of renowned British warship found in Channel